Sinhala 🎧 Tailored Driving Sessions for People with Disabilities (ආබාධ සහිත පුද්ගලයින් සඳහා ගැලපෙන රියදුරු පුහුණු කිරීම)
This story illustrates how driving provides a kind of independence and allows you to travel more around your community or to participate in more lifestyle activities.
Many people with disabilities need special training and advice to get their driver's license. Having a disability does not always prevent you from being able to get a driver’s license and if learning to drive is a goal of yours there are ways you can be supported to achieve your goal. Most people with disability can learn to drive a car. While not all driving instructors provide training for people with disabilities, some instructors can be specialised in supporting disabled drivers and may have experience in using particular teaching styles which suit how they learn. Disabled drivers need an approved driving instructor (ADI) whom are specialised in helping people with disabilities to drive.
රිය පැදවීම යම් ආකාරයක ස්වාධීනත්වයක් ලබාදෙයි. එය ඔබේ ප්‍රජාව වෙත වැඩිපුර ගමන් කිරීමට හෝ වැඩි ජීවන රටාවකට සහභාගී වීමට ඔබට ඉඩ සලසයි.
නමුත් ආබාධ සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් සහ උපදෙස් අවශ්‍ය වේ. ආබාධිත වීම සැමවිටම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් නොවේ. රිය පැදවීමට ඉගෙනීම ඔබේ ඉලක්කයක් නම් එය සපුරා ගැනීමට ඔබට සහාය විය හැකි ක්‍රම තිබේ. ආබාධ සහිත බොහෝ දෙනෙකුට මෝටර් රථයක් පැදවීමට ඉගෙන ගත හැකියි. සියලුම රියදුරු උපදේශකයින් ආබාධිත පුද්ගලයින් සඳහා පුහුණුව ලබා දෙන්නේ නැහැ. ආබාධිත ඉගෙනුම ලබන්නන්ට උපකාර කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ගත යුතුයි. ඔවුන්ට ආබාධිත ඉගෙනුම ලබන්නන්ට ගැලපෙන විශේෂිත ඉගැන්වීම් ශෛලීන් භාවිතා කිරීමේ අත්දැකීම් තිබිය යුතුයි. ආබාධිත රියදුරන්ට රිය පැදවීමට උපකාර කිරීම සඳහා විශේෂිත වූ අනුමත රියදුරු උපදේශකයෙකු (ADI) අවශ්‍ය වේ.
About the guest speaker
Today we are joined by Deepal De Silva, Principle Instructor of DOS Driving School. DOS Driving School is one of the driving schools that train and provide expert advice to people with different physical abilities to prepare and confidently pass their driving test. This program empowers people to live happily and independently by attaining the skill to drive. Get more information about accessible options for learning to drive at the Disability Support Guide.
අද අප හා එක්වන්නේ DOS රියදුරු පාසලේ ප්‍රධාන උපදේශක දීපාල් ද සිල්වායි. DOS රියදුරු පාසල විවිධ ශාරීරික හැකියාවන් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ රියදුරු පරීක්ෂණය සූදානම් කරයි. මිට අමතරව එය විශ්වාසයෙන් යුතුව සමත් වීමට පුහුණු කරන සහ විශේෂඥ උපදෙස් ලබා දෙන රියදුරු පාසලකි. මෙම වැඩසටහන රිය පැදවීමේ කුසලතාව ලබා ගනිමින් සතුටින් හා ස්වාධීනව ජීවත් වීමට මිනිසුන් දිරිමත් කරයි. රිය පැදවීමට ඉගෙන ගැනීම සඳහා ඇති විකල්ප පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න Disability Support Guide වෙත පිවිසෙන්න.